ඇයට සිටියේ එක් සොහොයුරෙක් පමණයි. ඔහු විදෙස්ගතවූයේ පසුගිය වසරේ. ඒ රැකියාවක් සඳහා. ඇගේ මව හා පියා පමණයි නිවසේ රැඳී උන්නේ. පියා අසනීප ගතියෙන්. එනිසා ඇයට වසර අවසානයේ නිවසට පැමිණෙන්නට සිදුවූවා. ඇය සිටියේ තම පැරණි ඇඳුම් සහ පොත්පත් සහිත අල්මාරිය අස්පස් කරමින්. තවමත් ඒවා එලෙසමයි. ඇය තබා ගිය ලෙසින්ම. පසුගිය වසරේත් ඇය පැමිණ එය පිරිසිදු කර ගොස් තිබුණා.
එක් පෙදෙසක් පුරා තිබූයේ ඇයගේ පාසැල් ඇඳුම්. කුණු ලේ පැහැති පසුබිමේ කහ පැහැයෙන් ඉරි දෙකක්. ඊට පහළින් වූයේ පාසල් ලාංඡනය. ඒ ඇය සාමාන්‍ය පෙළ හැදෑරූ පාසල. ඇගේ මතකය දිවගියා. ඒ අතීතයට.
එවකට ඇය ඇගේ පාසලේ අවසන් වසර ගතකරමින් සිටියේ. ඒ කුඩා පාසලේ දක්ෂතම සිසුවිය ඇය. සෑම වාර විභාගයකින්ම පංතියේ පළමුවෙනියා. ගණිතය විෂය සඳහා අමතර පංති යෑමට පටන්ගත්තේ ඒ වසර ආරම්භයත් සමගයි. මාස කිහිපයක්ම ඇය සහභාගි වූවා එයට.
"නංගි, අද බස් එක නැත්ද?"
ඒ ආරම්භය.
"තවම නැහැ"
පොත් බෑගය උරෙහි දරාගෙන පාසල් නිළ ඇඳුමින්ම සවස පංතියට සහභාගි වී සිටි ඇය ඒ සංවාදය සිදුවෙත්දී සිටියේ බස් නැවතුම්පළක.
"මේ පාරද ඕ ලෙවල්?"
"ඔව්"
"කොහොමද ක්ලාස් එක? දික්වැල්ල සර් හොඳයි නේද මැත්ස් වලට"
"ඔව්, හොඳයි"
ඇය ඔහුව දැන සිටියා. යන්තමින්. යන එන මග දැක හුරු පුරුදු බවින්. අවසානය එය වූයේ නැහැ. තවත් දින කිහිපයකදීම ඇයට ඔහුව මුණගැසුණා. ටිකෙන් ටික දිනෙන් දින ඒ දැන හඳුනුම්කම වර්ධනය වූවා. දිනෙක ඇයට හමුවූයේ ඇගේම පොතක් තුළ පෙම්පතක්. නුහුරු ගැස්මකින් ඇගේ හද ගැහුණා. තවත් මාස කිහිපයක් ගතවෙත්දී ඔවුන් හමුවූවා, කිසිවෙක් නැති තැන. ඇයට ඇවැසි වූයේ ඔහුගේ පපුවෙහි උනුසුමට තුරුළු වන්නට. ඔහුගේ අත් දිවගියා ඇගේ දෑත් දිගේ, නැවතුනේ නැහැ. කරගැට ඇවිත් තිබුණු ඒ අත් වලින් ඇගේ ළැම මත ඇතිකළේ රිදුමක්. සමනල් විය දැනසිටියේ නැහැ ලෝකය ගැන. ඇයට ඔහුව හමුවූයේ දෙතුන් වතාවක් පමණයි ඉන්පසු. ඔහු කොහේදැයි ඇය දැනසිටියේ නැහැ. සෙව්වේත් නැහැ ඇය.
"අම්මී.."
ඇය ඒ ලෝකයෙන් මිදුනා. ඇගේ දයාබර පුතු. පිටුපසින් ඇයට ලෝකයක් තරම් ආදරය කරන ඇගේ ආදරණීය පෙම්බරා. ඇය අද ලෝකය දිනූ විධායක නිළධාරිනියක්.
Subscribe to:
Post Comments (Atom)
-
ම්.... මට මතක විදිහට එදා ඉරිද දවසක්, මම ඕෆ් වෙලා එක බස් එකක දුර ගෙවාගෙන අනිත් හෝල්ට් එකට ආවා. තරුණ කාලෙ ලස්සනට හිටියා කියලා හිතන්න පුළුවන...
-
මනුස්සකමක් නැති, හිතවත්කමක් නැති කොළොම්පුරේ අත් ඇරල ගමට ආව. දවස් පහකට. අදින් ඒ දවස් පහත් ඉවරයි. ආයිත් යන්න වෙනවා කියල මතක්වෙද්දී පිස්සු හැද...
-
ඊටපස්සෙ දවසෙත් මම වැඩට ගියා. ඔන්න දැන් ටික ටික ඕෆ් වෙන වෙලාවත් ළංවෙනවා. කොහොමහරි ඉක්මනට පැනගන්න පුලුවන් උනොත් ඊයෙ ගිය බස් එකටම යන්න පුලුවන...
-
“විහඟිනී හංසනා උඩුනුවර” සහතිකපත් ප්‍ර ධා නය සඳහා තම නම කියැවෙනවා ඇසුණා විනඟිනීට. “උඹට බං” කේශිලා, විහඟිනීගේ මිතුරිය ඇයට පැවසුවා මඳ ...
-
බස්රිය පිටත්වීමට තවත් විනාඩි පහළොවක පමණ කාලයක් ඉතිරි වී තිබිණි. “හායි විහඟිනී..” බස්රියට නැගුණු පංතියේ මිතුරෙකු විහඟිනී ...
Oh anu mokada me?
ReplyDeleteම්... ලියන්න හිතුනා. ලිව්වා.
Deleteඅපි කතා නොකරන, ඒත් කතාකරන්නම ඕනි දේවල් ඕනිවටත් වැඩියෙන් තියෙනවා
හ්ම්ම්, ජීවිතේ හරි අපූරුයි.
ReplyDeleteඇත්තෙන්ම. ඒත් ඒ අපි ජීවිතය වින්දනය කළොත්.
ReplyDelete