![]() | ||
බස්රිය
පිටත්වීමට තවත් විනාඩි පහළොවක පමණ කාලයක් ඉතිරි වී තිබිණි.
“හායි විහඟිනී..”
බස්රියට
නැගුණු පංතියේ මිතුරෙකු විහඟිනී ට ඇමතුවාය. පිටුපස හැරී බැලූ ඈ, ඔහු තම පෙම්වතිය සමග
පිටුපස අසුනේ අසුන්ගෙන සිටිනු දුටුවෙන් සිනහ සී නැවත ඉදිරිපසට හැරුණාය.
“ආහ්, කිරිල්ලී..”
ඔහුත් සමගම
පැමිණ සිටි කේශිලාගේ සොයුරා විහඟිනී අසුන්ගෙන සිටි අසුනේ අනෙක් පසින් හිඳගත්තේය. විහඟිනී,
අසුනේ අනෙක් පසට තල්ලුවූවාය.
“මොකද මොකද
මේ.. කිරිපණුගාය හැදිල වගේ දඟලන්නේ?”
“න්.. නෑ…”
විහඟිනී
ඇඹරෙමින් කියවන්නට වූවාය. ඇයගේ කෝල බව දැනී සිනහ වූ ඔහු අලුත් කතාවකට මුලපිරුවේය.
“ක්ලාසස්
පටන්ගත්තා නේද?”
“ඔව් කේශාල්.”
“කොහේද අලුත්
ඉස්කෝලෙ එතකොට?”
“ම්.. මාත්
දැම්මෙ සෙන්ට්රල් එකටමයි”
“ආ.. අපේ
නංගිත් ඒකටමයි. අපිනම් ඉතින් අල්ලපු සෙන්ට්රල් එකට”
විහඟිනීගේ
මුවට කුඩා සිනහවක් නැගුණි. ඒත් සමගම ඇයගේ සිතට කුඩා දුකක් පිවිසියේය.
“අපරාදෙ
ඔයාගෙ එක්සෑම්..”
විහඟිනී
දුක්මුසුව පැවසුවාය.
“ලබන පාරවත්
බලනවා”
ඔහු ගනනකට
නොගෙන පැවසුවේය.
“ආහ්, අරූගෙ
කතාව ඉවරයි වගේ. යනවා විහඟි.”
“හා කේශාල්.”
බසය ගමන්
අරඹනවාත් සමග ඔවුන් බසයෙන් බැස ගියෝය. කවුළුවෙන් එපිට බලාගත් විහඟිනී කල්පනාවකට පිළිවිසියාය.
කේශාල් යනු
කේශිලාගේ නිවුන් සොයුරාය. කේශිලා හොඳින් සාමාන්ය පෙළ කඩඉම පසුකළද කේශාල්ට උසස් පෙළ
වරම් අහිමිව තිබිණි. ඔහු මේ වනවිට නැවත වරක් සාමාන්ය පෙළට මුහුණදීම සඳහා සූදානම් වීමට
පාසල් යමින් සිටියේය.
* * * *
“චූටි මැණිකේ..”
ඒ උඩුනුවර
වලව්වේ සේවය කරනා සෝමාවතීගේ කටහඬයි. විහඟිනී
කුඩාකළ ඇයව බලාගැනීමට පැමිණි ඇය ඉන්පසුත් වලව්වේ ඉවුම් පිහුම් කටයුතු කරමින් එහිම රැඳී
උන්නාය. විහඟිනීගේ මව, එනම් උත්පලා උඩුනුවර මැතිණියද පාසල් ගුරුවරියක වූ බැවින් ඒ ඇයටද
මහා සහනයක විය.
“මේ එනව
සෝම අම්මා”
පාසල් නිළ
ඇඳුම ඇඳි විහඟිනී පාසල් බෑගයද කරලාගෙන පහළට දිව ආවාය.
“එන්න දූ,
කිරිබත් හැදුවා”
උත්පලා මැතිණිය
ඇයව මේසයට කැඳෙව්වාය.
“ම්.. රසයි
සෝම අම්මා. ඔයා කෑවද?”
උත්පලා මැතිණිය
සිනහ සී සෝමා දෙස බැලුවාය. මෙහෙකාරියට වූවද ගරු කරමින් කතා කරන ඈ නිවසෙහි සියල්ලන්ගේ
කෑම බීම ගැන වුවද සොයා බලන්නියක වූවාය. නිරහංකාර තැනැත්තියක වූ උත්පලා මැතිණියද තම
දියණියගේ මෙවන් ගතිගුණ පිළිබඳව සතුටු වූවාය.
“මං පස්සෙ
කනව චූටි මැණිකේ”
“අද රැග්
කරයිද අම්මා”
විහඟිනී
මඳ වේලාවකින් බියමුසුව විමසුවාය.
“ බයවෙන්නෙපා
දරුවො. ඔය සින්දුවක් කියන්න කියයි, බිස්කට් පැකට් එකක් ඉල්ලයි. ඕව එච්චරයි”
මහ විදුහලක
විදුහල්පතිවරයෙකු වූ ගීතනාත් උඩුනුවර මහතා තම වෘත්තිය අත්දැකීම් කෙටිකරමින් පැවසීය.
“දවසක් දෙකක්
යනකම් විතරයි දූ”
උත්පලා මැතිණියද
තම දියණියගේ හිත හදමින් කීවාය.
“ඉස්කෝලෙ
නෝනා මහත්තැනුත් ඉන්නවනෙ චූටි මැණිකෙ. බය නොවී යන්ට”
තරමක් බිය
පහකරගත් විහඟිනී සෝමා දෙස බලා සිනහ වූවාය.
“ගිහින්
එන්නම් සෝම අම්මා”
තම මවටත්
පියාටත් වැඳි ඇය, සෝමා වෙතට ගියාය.
“රත්නත්තරනේ
පිහිටයි”
ඇයගේ ආශිර්වාදයද
හිමිවිය.
පාසලේ කටයුතු
හේතුවෙන් ගීතනාත් මහතාට තම දියණියගේ පාසලට යා නොහැකි වුවද උත්පලා මැතිණිය ඇයව පාසලට
ඇරලවන්නට එක්වූවාය.
කේශිලාත්
විහඟිනීත් එකම පංතියක වීම ඔවුන් දෙදෙනාටම තරමක සැනසුමක් ගෙනදුන්නේය. ඔවුන්ව පාසල වෙත
භාරදුන් දෙමව්පිලයෝ ඉන්පසු පිටත් වී ගියහ.
තාම හිතා ගන්න බෑ මොනවා වෙයි ද කියලා. නව කතාවක් නිසා සෑහෙන්න කාලයක් බලාගෙන ඉන්න වෙයි වගේ :(
ReplyDeleteම්.. ඔව්. තාම පටන්ගත්තා විතරනේ, බලමු.. තව ටික දවසකින්.. අදහසක් එයි
DeleteApo goda sawasakin kiyeuwe katawak shok anu digatama liyanna
ReplyDeleteස්තූතියි සන්නසූරිය.
Deleteහ්ම් හ්ම්ම් අපි බලමුකෝ මේ චුටි මැණිකේ කවුද කියලා :)
ReplyDeleteම්.. බලමු බලමු
Deletewow oyage writing marune nangi. digatama liyanna.
ReplyDeletethanx praneeth
ReplyDelete