Wednesday, April 29, 2015

ආදරෙයිද තාමත්..?

හීනයක් දැක්කා. ඔයා මගේ ළඟ ඉන්නවා නෙමෙයි. එයා ළඟ ඉන්නවා. මම නොදැක්ක වගේ ගියා. හැමදාමත් වගේ.

මම දන්නෙ නැහැ. මම ආදරෙයිද තාමත්....? මම ආස නැහැ. නිතර නිතර මේ විදිහට පේන්න එන්න එපා. අමාරුවෙන් හදාගෙන ඉන්න මේ හිත අයිමත් අවුල් වෙනවා. තව මාසෙකින් හරියටම අවුරුදු දෙකක්, ඔයා මාව දාල ගිහින්. කොච්චර දේවල් වෙනස්වෙලාද. ඔයාට මාව මතකවත් නැතිව ඇති. අහම්බෙන් වගේ දැක්කොත් අහක බලාගන්නෙ ආඩම්බරකමටවත්, තරහකටවත් නෙමෙයි. මට මගේ හිත හදාගන්න බැරි හින්දා. දන්නවද.., මගේ හිතේ මංවත් නොදන්න කොහේදෝ තැනක ඔයා තාමත් ඉන්නවා. ඇයි මේ......?

මට තවමත් මේ මතක රිද්දන්නෙ. ඇයි මටත් ඔයා වගේ ඉන්න බැරි? පාරෙදි මූණ ඉස්සරහටම හම්බඋනත් අහක බලාගෙන එන මට පේන්න ඇයි හීනෙන් එන්නේ? ඔයාට ඕන මං තවත් විඳවන්නද?

මතකද..? මං පාර මාරුවෙද්දි ඔයා බයික් එකකින් ආවා. පාර දෙපැත්ත බලද්දි දැකපු ගමන් අහක බැලුවට ඔයා යන්න ඇරල මං ආයිමත් බැලුවා. අනේ ආයිමත් දවසක් වෙන වාහනෙකින් ඇවිත් මාව යටකරගෙන යන්න, ඒක හොඳයි, මෙහෙම දාල යනවට වඩා.

දැන්වත් ඔයා යන්න මගේ හිතෙන්. මට තවත් මෙහෙම ඉන්න බෑ.