නේතක, හිමෙදිරියේම උඩුනුවර වලව්වෙන් පිටත්ව ගියා. හිරු නැගෙන්නටත් පෙරාතුවම. තමා යොදාගත් ගමන අවලංගු කරන්නට හැකියාවක් වූයේ නැහැ ඔහුට. එසේ නොවූවානම් ඔහු මේ වනවිට තම ඇවැස්ස නෑණන්ඩිය අපේක්ෂාවෙන් උඩුනුර මහ වලව්වේ ගේට්ටු පියන් අතර දෑස් දුවවමින් හිඳින්නට තිබුණා. ඇය පැමිණෙන බව ඔහු දැනගත්තේ අවසාන මොහොතත් මගහැරුණු පසුවයි. විදෙස්ගත වන්නට සියල්ල ඔහු විසින්ම සූදානම් කර අවසන් ඒ වනවිටත්. එය පවසන්නට එතරම් පමා වූ තම සොයුරාට සිතෙන් දොස් පවරමින් ඔහු පිටත්වූවා. පැමිණෙන බව ඇසූ සැණින්ම ඇය දකින්නට ඔහුගේ සිතේ ඇතිවූයේ බොළඳ අශාවක්. සිතෙහිම සිරකරගන්නට සිදුවූවා ආඩම්බරකාරයාට එය.
විහඟිනීලා රැගත් රිය උඩුනුවර මහ වළව්වට සේන්දුවනවිට හිරු අහසේ හරි අඩක්ම පසුකර අවසන්. විහඟිනී වලව්ව තුළට ඇතුළු වූයේ වෙහෙසකර ගතින්. උදෑසන පටන් වූ පැය කිහිපයක ගමන ඇයව වෙහෙසවා තිබුණා. විගසින්ම ඇය අසුන්ගෙන වතුර වීදුරුවක්ම හිස්කළේ ඒ වෙහෙසකර බව නිසාමයි. ඇය සඳහා සකසා තිබූ කාමරයේ ඇඳට වී ඇය අඩහෝරාවක් පමණ ගතකළා. වලව්වේ නාන කාමරයෙන් දිය නා ගැනීමට අකමැති වූ ඇය සෝමාත් සමග ගියේ විසල් වලව් වත්තේ කෙළවරක වූ නොඉඳුල් දිය උල්පත වෙත. පිරිසුදු වතුර උල්පතක් වූ එය වටා පොකුණක ආකාරයෙන් තනා තිබුණේ වලව්වේ වැඩ කරන පියදාස විසින්. නෑම සඳහා කුඩා පිහිල්ලක් මාර්ගයෙන් ජලය පහළට ගෙන තිබුණා. ඇය දිගු වේලාවක් ගතකළා, පිහිල්ල යටට වී පිරිසිදු දිය දහරාව සමගින්.
"සෝමාවතී.. සෝමාවතී අක්කේ...."
"පියදාස මලයො?"
"චූටි මැණිකෙත් එක්ක ආවනම් හොඳා දැන්. ඉරත් බැහැගෙන යනව"
විහඟිනී හිස ඉවතට ගත්තේ ඒ හඬින්.
"දැන් යමු චූටි මැණිකෙ"
ගෙනැවිත් තිබූ සුදු පැහැ මල් ඉහිරුණු ගවොමින් සැරසුණු ඇගේ ගතට නැවුම් බවක් දැණුනා. දිය පහර විසින් ඇගේ ගතත් සිතත් සුවපත්කර තිබුණා.
ඇසළවත් නේතකවත් මේ වනතෙක්ම පෙනෙන්නට වූයේ නැහැ. ඇසළ නම් අමතර පංතියකට සහභාගි වන බව ඔහු උදෑසනම විහඟිනීගේ දුරකථනයට යොමුකළ කෙටි පණිවිඩයේ සඳහන් වූවා. නමුත් ආඩම්බරකාරයා...? වැඩිහිටියනගේ කතාබහට කන් නොදුන් නිසා ඇයට ඔහු කොහිදැයි දැනගත නොහැකි වූවා.ඇය සිටියේ මිදුලේ වතුසුද්ද ගහ යට. පහන තියන්නට සිතා වතුසුද්ද මල් කඩමින්.
"ආ මැට්ටි, ආවද?"
"ඇසළ මැට්ටා. දැන්ද එන්නෙ ආ.? කොහෙද රස්තියදු ගහන්න ගියේ"
"අම්මෝ... ක්ලාස් ක්ලාස් ක්ලස්... මහන්සි"
ඇසළ ගෙතුළට ගියා. ඔහුගේ සිතේ තිබුණා ඇයත් සමග කතාකරන්නට යමක්. විහඟිනී සිටියේත් ඔහුගෙන් එය දැනගන්නට අවස්ථාවක් සොයමින්.
"ඇසළ, කෝ අයියා?"
රාත්‍රී පුවත් බලමින් සිටියදී විහඟිනී එසේ ඇසළගෙන් විමසුවේ ඇයගේ සිතේ වූ ගැටළුව.
"අයියා ගියා විහඟි"
"ගියා? කොහෙද?"
ඇය මුහුණ ඔහු දෙසට හැරෙව්වා.
"ආයිත් රට ගියා. පොරට මෙහේ ඉන්න බැහැලු"
"ඒ මොකද ඒ"
විහඟිනී නැවතත් රූපවාහිනී තිරය දෙසට දෑස් යොමුකරමින් ඇසුවා.
"ගර්ල් ෆ්‍රෙන්ඩ් එහේ වෙන්නති'
ඇසළ කියවන්නේ කිසිවක් ගනන් නොගන්නා අයුරින්.
"නෑ... ඔයාට කිව්වද අයියා"
"නෑ නෑ. මේ, ඔයා එහෙම ඕක කාටවත් කියන්න යන්න එපා"
"ඒක නෙමෙයි ඇසළ, මොකක්ද අර කතාව?"
ස්ටූලය මත තිබූ කකුල් දෙක පුටුව මතටම ගනිමින් ඇසළ විහඟිනී දෙසට හැරුණා.
"පොඩි පුතා. දානව කකුල් දෙක පහළට"
ඇසළගේ පියා.
"මොකක්ද දෙන්නගෙ කතාව?"
"අප්පච්චි මං මේ නංගිට කියන්න හැදුවේ අර පහළ පොකුණ ගැන"
"ම්...... ඒකද මේ දෙන්නගෙ කතාව"
ඔහු එතැනින් ඉවත්වූවා. ඇසළ සිය හිස පුටුවේ කුෂන් කවරයේ ඔහේ වදින්නට හැරියේ සිතේ තැතිගැන්ම යන්තමින් පහවී යත්දීයි.
රාත්‍රී ආහාරය අතරේ සතුටු සාමීචියත් සමගින් අවසන් වූවා දිනයේ ඉතුරු හෝරාවත්. සියල්ලෝම සැහැල්ලු සිතින් නින්දට ගියත් ඇසළගේ සිතේ පෙර වූ ගැටළුව පෙර දින කිහිපයේදී මෙන්ම ඔහුගේ නින්දට බධා කළා. විහඟිනීගේ සැහැල්ලු සිතට බරක් වූයේත් ඇය නොදත් එයමයි.
ඇය සිටියේ නින්දත් නොනින්දත් අතරේ. ගතේ විඩාව ඇයව නිදි දෙව්දුව වෙත ගෙනයන්නට තැතනුවත් තවත් කුමක්දෝ හේතුවක් ඇයව අවදියෙන් තබන්නට උත්සාහ දරමින් උන්නා..කණාමැදිරියන් කෑ ගසන හඬින් මුලු පරිසරයම පිරී තිබුණා. ඒ අතරින් විටින් විට ඇසුණේ ගෙම්බන්ගේ හඬ. මේ රත්‍රියේ පිහිල්ලේ දිය පහරේ හඬ ඇසුණේ ඉතා දුරින්. මේ සියල්ල අතරින් ඇයට අසුණේ කුමක්ද..
"ම්හ්.. මොකක්.. මොකක්ද ඒ සද්දේ?"
ඇගේ නිදිබර බව සැනෙකින් මගහැරී ගියා. නොසෙල්වී සිටි අයුරින්ම හිඳිමින් ඇය දෙසවන් යොමුකළේ වත්තේ ඈත කෙළවරකින් නැගුණු හඬ නැවතත් අසන්නට. නැවතත් ඉතා සිහින්ව නැගුණා ඒ හඬ.
"දෙවියනේ.. මොකක්ද ඒ සද්දේ"
ඇගේ දෙපතුල් සීතල වී ගියා. සෙලවෙන්නටවත් නොහැකිව එලෙසම සිටියා ඇය. සිත පමණක් වේගයෙන් සිතිවිලි නිපදවමින් හුන්නා.
"කාගෙද ඒ කටහඬ? ගෑනු කෙනෙක්ගෙ වගේ. මේ රෑ.."
එක් අතකින් පොරෝනයේ කොනක් දැඩිව අල්ලාගත් අය අනෙක් අතින් ඉතා සෙමින් ඇගේ ජංගම දුරකථනය සෙව්වා. එය සිය දෑස් ඉදිරියට ගත්තේ වේලාව බලන්නට.
"දෙක හමාරයි"
එයින් නිකුත්වූ කුඩා ආලෝකය නිසා අගේ බිය යන්තමින් පහ වී තිබුණා.
[22....]
Subscribe to:
Post Comments (Atom)
-
ම්.... මට මතක විදිහට එදා ඉරිද දවසක්, මම ඕෆ් වෙලා එක බස් එකක දුර ගෙවාගෙන අනිත් හෝල්ට් එකට ආවා. තරුණ කාලෙ ලස්සනට හිටියා කියලා හිතන්න පුළුවන...
-
මනුස්සකමක් නැති, හිතවත්කමක් නැති කොළොම්පුරේ අත් ඇරල ගමට ආව. දවස් පහකට. අදින් ඒ දවස් පහත් ඉවරයි. ආයිත් යන්න වෙනවා කියල මතක්වෙද්දී පිස්සු හැද...
-
ඊටපස්සෙ දවසෙත් මම වැඩට ගියා. ඔන්න දැන් ටික ටික ඕෆ් වෙන වෙලාවත් ළංවෙනවා. කොහොමහරි ඉක්මනට පැනගන්න පුලුවන් උනොත් ඊයෙ ගිය බස් එකටම යන්න පුලුවන...
-
“විහඟිනී හංසනා උඩුනුවර” සහතිකපත් ප්ර ධා නය සඳහා තම නම කියැවෙනවා ඇසුණා විනඟිනීට. “උඹට බං” කේශිලා, විහඟිනීගේ මිතුරිය ඇයට පැවසුවා මඳ ...
-
බස්රිය පිටත්වීමට තවත් විනාඩි පහළොවක පමණ කාලයක් ඉතිරි වී තිබිණි. “හායි විහඟිනී..” බස්රියට නැගුණු පංතියේ මිතුරෙකු විහඟිනී ...
ah? epara meka holman kathawak wennada yanne? :D (Y) :) :O
ReplyDeleteහිහි. බලමු මොකද වෙන්නෙ කියලා
Deletenagala yanawa wage dan.. liyamu akko digatama
ReplyDeleteස්තූතියි නංගා.
Delete