නේතක.. නේතක හසල් උඩුනුවර. සැබෑවටම ඔහු ආඩම්බරකාරයෙක්මද..? විහඟිනී සිතූ අයුරින්ම. ඔහුගේ යොවුන් විය ගෙවුනේ මව්බිමෙන් දුරු රටක. විදෙස් මිතුරු මිතුරියන් අතරේ. ඔහු හැදී වැඩුනේද එම සංස්කෘතියට නැඹුරුව. නිදහසේ, විනෝදකාමීව.
ඔහු මෙරටට පැමිණියේත් අලුත් අවුරුදු සමය එළඹෙනවාත් සමගයි. සැබැවින්ම නම් අධ්‍යාපනය හමාර කර එහිම නැවතී රැකියාවක නිරත වීමයි ඔහුගේ අදහස වී තිබූයේ. නමුත්, නේතකගේ පියා ඔහුව කැඳවූවා යළිත්. එපමණක් නොවෙයි, කිසියම් වගකීමක් තම පුතුට භාර කරලන්නටත් ඔහු සිතා සිටියා.
නේතක පැමිණියත් ඔහුගේ අදහස වූයේ නැවතත් විදෙස්ගත වීමටයි. අලුත් අවුරුද්ද, වෙසක් මාසය.. අවසන් කර නැවතත් එහි යාමට ඔහු සැළසුම් කළා.
* * * *
"මල්ලී, අන්න.. තමුසෙගෙ නෑණන්ඩි කතාකළා"
"කවුරු..?"
"විහඟිනී.."
"ඇයි මගේ විතරක්.."
ඇසළ මහ හඬින් සිනහවූවා. ඒත් සමගම ඔහු ගියේ දුරකථනය වෙත.
"සෝමා, විහඟි ඉන්නවද?"
ඇසළ විහඟිනීව විමසුවා සෝමාගෙන්.
"හෙලෝ.. විහඟි, කොහොමද ඉතිං?"
"හොඳයි ඇසළ. ඒක නෙමෙයි මං කළින් කෝල් කළා, ඔයා හිටියෙ නැහැ නෙ"
"ඒකනේ නංගො මං මේ ගත්තෙ ආයිත්"
විහඟිනීට ඇසුණා ඔහුගේ දඟකාර සිනහ හඬත්.
" හිනා නෙමෙයි ඇසළ අයියේ, ඔයලට බැරිද හෙට හවසම එන්න?"
ඇසළ විහඟිනීට වඩා දවස් කිහිපයක් වැඩිමල් නිසා ඇය ඇතැම් අවස්ථාවන්හිදී ඔහුට 'අයියේ' කියා ඇමතුවා.ඇසළ නම් එයට කැමති වූයේ නැහැ.
"ම්.. ඇයි ඒ?"
"නෑ ඉතිං, අනිද්දා උදේ ඔයාල පිටත් උනත් දවල් වෙයිනේ මෙහෙට එන්න"
"ම්... ඔව් නේද, මං අප්පච්චිට කියල බලන්නම්"
* * * *
පසුවදා ඇය පාසල් ගියත් සිත තිබුනේම නිවසේ. ඇය බලාපොරොත්තු වූ පරිදිම ඔවුන් පැමිණියා. එදින රාත්‍රියේදී. නමුත්, විහඟිනීට සෙනසුරාදා මුළු දිනයේම අමතර පංති යෙදී තිබුණා. එහෙයින් ඇය පසුවුනේ තරමක් අසතුටින්. සෙනසුරාදා උදෑසන විහඟි ඇවටිලි කරන්නට වූවා තම මවට.
"අයියේ, අපි යමු ද විහඟිව ක්ලාස් ඇරලවන්න?"
ඒ ඇසළ. ඔහුට එකඟ උනා නේතකත්.
"මං එහෙනම් යන්නම් අයියේ, ඔයාල හවස එනව නේද?"
රියෙන් බසිමින් වුහඟි විමසුවේ සොහොයුරන් දෙදෙනාම දෙස බලමින්.
"ඔව් නංගා, අපි එන්නම්, බුදු සරණයි!"
ඔවුනට සමුදුන් ඇය පඩිපෙළ නැග ශාලාවට ඇතුළුවන ළමුන් පෙළට එක්වන අයුරු ඇසළත් නේතකත් බලා සිටියේ රිය තුළ සිටිමින්මයි.
සිසුන් පේළියෙන් පිටත සිටි අයෙක් විහඟිනී අසළට එන අයුරුත්, විහඟිනී සමග කතාකරන අයුරුත් ඔවුන් දුටුවා. ඔහු කෙරෙහි විහඟිගේ නම් අප්‍රසාදයක් ඇති බව ඇසළට වැටහුනේ විහඟි ඔහුව මගහරින්නට මෙන් ඉදිරියට පියනැගූ අයුරින්.
"ඒ මොකාද අයියේ?"
නේතක දෙඋරහිස් සැලුවා.
"මේ, අපි විහඟිගේ බ්‍රේක් ටයිම් එකට එමුද? නංගි ලන්ච් අරන් ආවෙත් නැහැ"
නැවතත් ඇසළ. තම බාල සොහොයුරා දෙස බැලූ නේතක,
"එමු"
යි පවසා රිය පනගැන්වූවා.
නේතකට නගරය වටා ඇති බොහෝ ස්ථාන නැරඹීමට අවශ්‍ය වූ නිසාම ඇසළත් ඔහුත් සමග එක්වූවා. බලංගොඩින් බදුලු පාරට රිය හැර වූ ඔවුන් බෙලිහුල් ඔය, පහන්තුඩා ඇල්ල, සමනල වැව ද නරඹා නැවත එන විට විහඟිට එක් පංතියක් අවසන් වී තිබුණා.
ආයතනය ඉදිරිපිටට ගිය ඔවුන් දුරකථන ඇමතුමක් දුන් සැනින් විහඟිනී පැමිණියා. ඇය රියට ගොඩවනවාත් සමගම රියට තරමක් පිටුපසින් පැමිණෙන හිරූෂව නේතක දුටුවේ පැති කණ්ණාඩියෙන්. ඇය රියට ගොඩවන අයුරු දැක ඔහුගේ මුවින් පිටවුනේ 'ෂිට්' යන වචනය බව නේතක අනුමාන කළා. හිරූෂගේ හැසිරීමෙන් කියවුනේ විහඟිනීව මගහැරුණු බවයි.
Subscribe to:
Post Comments (Atom)
-
ම්.... මට මතක විදිහට එදා ඉරිද දවසක්, මම ඕෆ් වෙලා එක බස් එකක දුර ගෙවාගෙන අනිත් හෝල්ට් එකට ආවා. තරුණ කාලෙ ලස්සනට හිටියා කියලා හිතන්න පුළුවන...
-
මනුස්සකමක් නැති, හිතවත්කමක් නැති කොළොම්පුරේ අත් ඇරල ගමට ආව. දවස් පහකට. අදින් ඒ දවස් පහත් ඉවරයි. ආයිත් යන්න වෙනවා කියල මතක්වෙද්දී පිස්සු හැද...
-
ඊටපස්සෙ දවසෙත් මම වැඩට ගියා. ඔන්න දැන් ටික ටික ඕෆ් වෙන වෙලාවත් ළංවෙනවා. කොහොමහරි ඉක්මනට පැනගන්න පුලුවන් උනොත් ඊයෙ ගිය බස් එකටම යන්න පුලුවන...
-
“විහඟිනී හංසනා උඩුනුවර” සහතිකපත් ප්‍ර ධා නය සඳහා තම නම කියැවෙනවා ඇසුණා විනඟිනීට. “උඹට බං” කේශිලා, විහඟිනීගේ මිතුරිය ඇයට පැවසුවා මඳ ...
-
බස්රිය පිටත්වීමට තවත් විනාඩි පහළොවක පමණ කාලයක් ඉතිරි වී තිබිණි. “හායි විහඟිනී..” බස්රියට නැගුණු පංතියේ මිතුරෙකු විහඟිනී ...
No comments:
Post a Comment