Sunday, January 26, 2014
නීල නිලඹර { 08 කොටස }
[පළමු කොටසට]
"ගුඩ් මෝනින්ග් විහඟි, ලැහැස්තිද ඔයා?"
"හරි කේශි, යමු"
"ඔයාලගෙ කෑම ඔය මේසෙ උඩ. මතක් කරලම දාගන්න"
උදෑසන එකම කලබලයකි. ලහි ලහියේ සූදානම් වූ කේශිලාත් විහඟිනීත්, සරලාගේ දෙපා වැඳ පිටත්වූහ.
"මම හැමදාම යන්නෙ මේ බස් එකේ, මේක මෙතනට එනවා හත විතර වෙද්දි"
කේශිලා, මිතුරියට පැවසුවේ බස් රියට නැගුණු පසුවයි. හතයි පහළොව පමණ වනවිට ඔවුනට පාසලට යා හැකිවිය.
"විහඟි.."
ඒ නිම්සරගේ හඬයි.
"ආ නිම්සර අයියේ, ගුඩ් මෝනින්ග්"
ඒ වනවිට පවුල් දෙක අතර වූ මිත්‍රත්වය හේතුවෙන් නිම්සරත් විහඟිනීත් හොඳම මිතුරන් බවට පත් වී සිටියෝය. එපමණක්ද නොව, ඔවුන් කුඩා කලද එක්ව වැලිබත් ඉවූවන් විය. විහඟිනී කුඩාකල හෙයින් ඇයට මතකයට නගාගත නොහැකි වූවද නිම්සරට නම් ඒ අතීතය හොඳින්ම මතකයේ රැඳිණි.
"ගුඩ් මෝනින්ග්, අද කේශිලාගේ ගෙදර ඉඳන්ද ආවෙ?"
ඇය හිස සැලුවාය.
"හවස ක්ලාස් ද අද?"
"නැහැ අයියේ"
"හෙට..?"
"හෙටනම් ක්ලාස්, ඇයි නිම්සර අයියේ?"
"කීයටද?"
"ම්.. හතරට විතර. ගෘප් ක්ලාස් එක"
"හතරට විතර.."
නිම්සර මඳක් කල්පනා කළේය.
"වේලාසන එන්න පුළුවන්ද.. ලයිබ්‍රියට?"
"හා, මං එන්නම්, තුනට විතර"
විහඟිනීට, මහජන පුස්තකාලයේ සාමාජිකත්වය නොතිබිණි. එහෙයින් ඇය තමාට ඇවැසි වූ පොත ලබාගත්තේ නිම්සරගේ සාමාජිකත්වයෙනි. ඇයට කිසියම් පොතක් අවශ්ය වූ විට ඇය එය නිම්සරට කියා ගෙන්වා ගත්තාය.
පසුදින පාසල් ඇරී නිවසට ගිය මිතුරියන් දෙදෙනා, පුස්තකාලයටද යා යුතු වූයෙන් පංතිය පටන්ගන්නට තරමක් කාලය තිබියදී නිවසින් පිටත්වූයේ, තුන පමණ වනවිට පුස්තකාලය වෙත පැමිණියෝය.
"විහඟි, මම විමර්ෂන එකට යනවා. ඔයා එනවද?"
"බැහැ කේශි, නිම්සර අයියා ඒවි දැන්"
විහඟිනී, නිම්සර පැමිණෙන තෙක් පුවත්පත් අතර සරමින් සිටියාය. සති අන්ත පුවතපතක් වූ කෙටිකතාවක් දුටු ඇය, එය කියවන්නට පටන්ගත්තේ, සිත එය වෙතම නැඹුරුව තිබිණි. එක්වරම ඇගේ දෑස් වැසුනේ කිසිවෙකුගේ දෑතකිනි. නිම්සර විය නොහැකිය..
"අත ගන්නකෝ, කවුද..?"
පුස්තකාලය තුළ බැවින් ඇය මද ස්වරයකින් විමසුවාය.
සිනාසෙමින් ඇගේ වම්පස වූයේ හිරූෂය. සිනහ මුවින්ම ඇය අත වූ පුවත්පත ගත්තේ, එය පෙරළමින්, විහඟිනී දෙස බැලුවේය.
"කේශිලා විමර්ෂන එකට ගියා අයියේ"
හිරූෂ කිසිවක් විමසන්නට පෙරම, විහඟිනී ඔහුට කීවාය.
"ආ.. ඔයා ඉතිං මෙතන.? ක්ලාස් නැත්ද අද?"
"හවස.."
විහඟිනී පිළිතුරු දුන්නේ, ඔහු කේශිලා සොයා නොයන්නේ මන්දැයි සැකයෙන් යුතුවමය. කේශිලාව සොයන්නට නොගිය ඔහු, එහිම හිඳ පුවත්පතක් බලන්නට වුයේය.
තවත් මඳ වේලාවක් රැඳී සිටි විහඟිනී, නිම්සර එතෙක්ම නොපැමිණියෙන්, ඔහු සොයන්නට පුස්තකාල ගොඩනැගිල්ලෙන් බැහැරට පැමිණියාය. ඇය මඳ වේලාවක් පාර දෙස බලමින් සිටියදී, හිරූෂද ඇය වෙතට පැමිණියේය.
"මොකද මෙතන තනියම, කාවද හොයන්නේ"
"ආ හිරූෂ අයියා.. ඇයි ඔයා කේශිලා එක්ක තරහවෙලාද?"
විහඟිනී සිනාමුසුව විමසුවේ, ඔහු මිතුරිය වෙතට නොයෑම පිළිබඳව වූ සැකයටත් වඩා ඔහු නැගූ පැනය මගහැරීමටයි.
"විහඟි.."
විහඟිනීගේ පිටුපසින් තරමක් උස්ව නැගුනේ නිම්සරගේ කටහඬයි. හිස හරවා ඈ එදෙස බලනවිට කෝපගත් දෙඇසින් විහඟිනී දෙස බැලූ ඔහු වේගයෙන් ඇය වෙතට පැමිණියේය.
Subscribe to:
Post Comments (Atom)
-
ම්.... මට මතක විදිහට එදා ඉරිද දවසක්, මම ඕෆ් වෙලා එක බස් එකක දුර ගෙවාගෙන අනිත් හෝල්ට් එකට ආවා. තරුණ කාලෙ ලස්සනට හිටියා කියලා හිතන්න පුළුවන...
-
මනුස්සකමක් නැති, හිතවත්කමක් නැති කොළොම්පුරේ අත් ඇරල ගමට ආව. දවස් පහකට. අදින් ඒ දවස් පහත් ඉවරයි. ආයිත් යන්න වෙනවා කියල මතක්වෙද්දී පිස්සු හැද...
-
ඊටපස්සෙ දවසෙත් මම වැඩට ගියා. ඔන්න දැන් ටික ටික ඕෆ් වෙන වෙලාවත් ළංවෙනවා. කොහොමහරි ඉක්මනට පැනගන්න පුලුවන් උනොත් ඊයෙ ගිය බස් එකටම යන්න පුලුවන...
-
“විහඟිනී හංසනා උඩුනුවර” සහතිකපත් ප්ර ධා නය සඳහා තම නම කියැවෙනවා ඇසුණා විනඟිනීට. “උඹට බං” කේශිලා, විහඟිනීගේ මිතුරිය ඇයට පැවසුවා මඳ ...
-
බස්රිය පිටත්වීමට තවත් විනාඩි පහළොවක පමණ කාලයක් ඉතිරි වී තිබිණි. “හායි විහඟිනී..” බස්රියට නැගුණු පංතියේ මිතුරෙකු විහඟිනී ...
maru akke..mn okkma kiyewwa
ReplyDeleteස්තූතියි මල්ලියෝ, හැමදාම එන්න
ReplyDeleteකියෙවුවෝ.. ඊලග එක එනකන් බලා හිදිමි..
ReplyDeleteමග එනවෝ..
ReplyDelete