Tuesday, January 14, 2014

නීල නිලඹර { 06 කොටස }





"අද හවස ක්ලාස් ඉන්නවද විහා?"

"ඔව් කේශි, ඔයා ඉන්නවා නේද? ගෙදර ගිහින්ද එන්නේ?"
"නැහැ. වෙලා මදි, මෙහෙමම ඉන්නවා"
විහඟිනීටත් කේශිලාටත් එදින සවස පංති යෙදී තිබුණා. ඔවුන්ගේ මේ කතාබහ යෙදුනේ පාසල් විවේක කාලයේදීයි. මේ වනවිට නවක වදයද බොහෝ දුරට මගහැරී තිබුනෙන්, ඔවුන් නිදහසේ පාසල් භූමියේ සැරිසැරුවා.
"විහා, නිම්සර අයියා ඔයාලගෙ කවුද? නෑදෑයොද?"
තරමක් දුරින් සිටි නිම්සරව දුටු කේශිලා, තම මිතුරියගෙන් ඒ පිළිබඳව විමසූයේ ඇය ඒ වනවිටත් නිම්සර පිළිබඳව වැඩි යමක් කේශිලාට පවසා නොතිබූ හෙයින්.
"ඔව්, නෑදෑයො"
විහඟිනී කෙටි පිළිතුරකින් නිම්සර පිළිබඳ කතාව හමාර කළා.

                                                   *            *            *           *

පාසල් කාල වේලාවෙන් පසුව, අමතර පංතිය වෙත ගියද, යෙහෙළියන් දෙදෙනාගෙන් කෙනෙකුවත් කෑම ගෙනැවිත් තිබුනේ නැහැ.
"ක්ලාස් පටන්ගන්න වෙලා තියෙනවනේ කේශි, කූල් ස්පොට් එකට ගිහින් මොනවහරි කාල එමුද?"
කේශිලා විහඟිනී සමග පංති කාමරයෙන් පිටතට පැමිණියා. දෑත් පටලවාගෙන පාර මාරු වූ යෙහෙළියන් දෙස බලාසිට, ඔවුන් පිටුපස පැමිණි අයෙක් ඔවුන් දෙදෙනාට තරමක් පිටුපසින් කූල් ස්පොට් වෙත ගොඩවූවා.
"ඇයි කේශි?"
මිතුරියගේ නොස්න්සුන් බවක් දුටු විහඟිනී ඇගෙන් විමසුවේ කෙටි ආහාරය අතට ගනිමින්.
"හිරූෂ අයියා.."
කේශිලා පැවසුවේ ඉදිරියෙන් පැමිණෙන තැනැත්තා දෙස බලමින්.
"හායි කේශි බබා..,"
හිරූෂ අනාරාධිතවම කේශිලා අසළ වූ අසුනට වූවා.
කේශිලා දෙස බලූ විහඟිනී, ඇයටත් ඔහුටත් කතාබහ කරන්නට ඇවැසි වන්නට ඇති බව සිතූයෙන්, තම අසුනින් නැගිට ගොස්, මයිලෝ පැකට්ටුවක්ද රැගෙන පාර දෙසට වන්නට ඉදිරියෙන්ම තිබූ අසුනක හිඳගත්තාය.
හිස් වූ මයිලෝ පැකට්ටුව කසළ බහාලයනයට එක්කළ ඇය හැරී තම මිතුරිය දෙස බැලූයේ, නමුත් ඇය බලාසිටියේ අනෙක්පස වු ඔහු දෙසය. ඇගේ බැල්ම දුටු ඔහු, ඇය හා සිනාසුනෙන් ඇය මඳ සිනහවක් මුවට එක්කරගත්තාය. ඔහු, කේශිලාට ඇයව පෙන්වා නැගී සිටිනු දුටුවෙන්, ඇයද යා යුතු බව අඟවමින් නැගී සිටියාය.
"මං යනව බබා. කෝල් කරන්නම් හවසට"
කේශිලාට පැවසූ ඔහු, විහඟිනීටද කුඩා සිනහවක් තිළිණ කළේ, ඔහුගේ පාපැදියට නැගී අනෙක් පසට විය.
"ගයාලට එහෙම කියන්නෙපා විහා.."
මඳ දුරක් පැමිණි කේශිලා තම මිතුරියට කීවාය.
"පිස්සුද බං, වරෙන් ඉක්මනට, සර් ඇවිත් වගේ"
පැය තුනක් පුරාවට ගෙවීගිය කාලය අවසන්කළ ඔවුන්, දෑත් පටලවා යළිත් මාවතට පැමිණියේ,
"ඔයා යන්න රෑ වෙයිද විහා?"
"ම්.. මන්ද කේශි.."
"හෙට එනවද එහෙනම්..?"
"ඔව් විහා, අපි ටිකක් දවල්වෙලා එන්නම්, කෝකටත් මං හෙට කෝල් එකක් දෙන්නම්කො"
"හා. හෙට තාත්තිත් ගෙදර ඉන්නවා කිව්වා"
 ගමනාගමනයෙහි අපහසුව හේතුවෙන්, විහඟිනී, පාසැල් යාම සඳහා තම මිතුරියගේ නිවසෙහි නතරවන්නට සූදානම් වූවාය. ඇයගේ දෙමවුපියන්ද, තම දියණියගේ පහසුව සැලකූයේ, කේශිලාගේ දෙමවිපියන්ද තරමක් දුරට ඒ වනවිට හඳුනාගෙන සිටියෙන් ඒ සඳහා එකඟවිය.

8 comments:

  1. අපුරුවට සිතුවම් කරලා ඉකමනටම අනිත් ටිකත් දාමු

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන්ම සචී, ඉක්මනටම පළකරන්නම්, ඇවිත් යන්න එන්නකෝ

      Delete
  2. හොඳයි හොඳයි මමත් කියෙවුවා. ඉතිරිය බලන්නත් එන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඉතිරියටත් එන්න

      Delete
  3. මුල ටිකත් එක්ක හෙමීට බලාගෙන එන්නම්..

    ReplyDelete
    Replies
    1. හොඳයි දිනේෂ්, ඒ ටිකත් බලලම හොඳ නරක කියන්නකෝ

      Delete
  4. ආරම්බයේ තිබුණු හිත් ඇදගන්නා සුළු ගතිය දිගටම පවත්වා ගන්න උත්සාහ කරන්න අනු :)

    ReplyDelete
    Replies
    1. වෙනස්වෙලා වගේද..

      Delete