“විහඟිනී
හංසනා උඩුනුවර” සහතිකපත් ප්රධානය සඳහා
තම නම කියැවෙනවා ඇසුණා විනඟිනීට.
“උඹට බං”
කේශිලා,
විහඟිනීගේ මිතුරිය ඇයට පැවසුවා මඳ ස්වරයකින්. නිහඬවම නැගී
සිටි ඇය, වේදිකාව වෙත ගොස් සහතික පත රැගෙන හිස නවාගෙනම පැමිණ තම මිතුරිය අසළින් හිඳගත්තා
නැවතත්.
කේශිලා
- විහඟිනී මිතුදම ඇරඹෙනුයේ ඔවුන් සාමානය පෙල කඩඉම පසුකර ඉංගරීසි පාඨමාලාවකට සහභාගි වන අතරතුරදීය. ඔවුන් දෙදෙනා
එතෙක් කල් නොහඳුනන්නට හේතුවූයේ විහඟිනී තම ගමේ පාසලේත්, කේශිලා නගරයේ පාසලකත් උගෙනීම
වන්නට ඇත.
මේ ඔවුන්ගේ
පාඨමාලාවේ අවසාන දිනයයි. සහතිකපත් බෙදාදීම දහවල් එක පමණ වන විට අවසන් විය.
“විහඟි.,
යමුද බං කූල් ස්පොට් එකට? බඩත්ගිනියි”
“ම්… දැන්..?”
“ඔව්. වරෙන්
වරෙන්”
කේශිලා අනෙක්
මිතුරියන්ගෙන් මිදී විහඟිනීත් සමග පාර මාරුවූවාය.
“ඕහ්.. ගෝඩ්..!
හිරූෂ අයියා..”
කේශිලා එක්වරම
කොහේදෝ බලාගෙන විස්මිත වූවාය.
“වට්? කව්ද
බං?”
කේශිලා නතරවී
බලාගත්වනම බලාගෙන සිටිනු දුටු විහඟිනී අඩියක් පිටුපසට විත්, තම මිතුරියගේ අත අල්ලාගනිමින්
විමසුවාය.
“හිරූෂ අයියා
බං, අර?”
“කෝ.. අර
පුට් සයිකලේ යන?”
“ඔව්. ඔව්.”
“මූ බලංගොඩ
ඇවිත්. මට නිකමටවත් කෝල් කලේ නැහැ විහඟි”
විහඟි, මයිලෝ
පැකට්ටුවෙහි බටය තම මුව තුළට දමාගන්නා අතරතුර තම මිතුරිය දෙස විමසිල්ලෙන් බැලුවාය.
“බලමුකෝ..
කියයිද කියලා. මං දන්නැහැ වගේ ඉන්නවා.”
හිරූෂ නිමේශ්
සඳගිර, විහඟිට - කේශිලාට වඩා වසරක් වයසින් වැඩිය. ඔහු අධයාපනය ලැබුවේද කේශිලා උගත් පාසලෙහිමය.
“කේශි, ස්ටෑන්ඩ්
යනවද? මම නම් යන්න ඕන”
නැවත පාරට
පැමිණි විහඟි විමසුවාය.
“යමු බං.
අද අම්මත් නැහැ නේ”
“හිරූෂ අයියා
කොහෙද බං ගිහින් හිටියේ?”
විහඟිනී
නැවතත් පෙර කතාවටම එක්වූවාය.
“කළුතර”
මිතුරියගේ
කෙටි පිළිතුර විය.
“අයියලා
ඉන්නවා”
දුරින් හුන්
සිය සොයුරාව දුටු කේශිලාගේ මුවට එවදි නැගුණි.
“උඹට එහෙනම්
තනි නැහැ. මං යන්නද කේශි. බස් එකක් තියෙනවා”
කේශිලාගේ
සොයුරා ඇතුළු මිතුරන් පිරිස දෙස බැල්මක් පමණක් හෙළූ විහඟිනී තම බස් රියට නැගුනාය.
(මතු සම්බන්ධයි)
(මතු සම්බන්ධයි)