මේ මගේ ගම. මං ඉන්නෙ මේ පේන කන්ද පාමුල. දෙතනගල කන්ද, දෙදනගල කන්ද කියලත් මේ කන්දට කියනවා. කාන්තාවකගෙ පියයුරු වල හැඩයෙන් යුක්තයි කියල තමයි දෙතනගල කියන්න්නේ. දෙදනගල කියන්න හේතුව, රාම කුමාරයා රාවණා රජ්ජුරුවන්ට හීයෙන් විද්දෙ මේ කඳු දෙකට දණහිස් දෙක තියාගෙනලු.
මල්, පළතුරු, සත්තු. මේ ජම්බු ගහත් දඩුලේනෙක් අයිති කරගෙන මේ දවස් ටිකේ. කොළඹට දැනෙන රස්නෙ ගමටනම් දැනෙන්න හිතලවත් නැහැ වගේ. මේ පරිසරේ නිසාම වෙන්න ඇති.
අවුරුද්දට ගමේ ගියපු දවස්වලයි මේක බාගෙට ලියලා නතර උනේ. කොහොම ලියන්නද, ඒ දවස්වල වැඩත් ඉතිං වැඩි නේ. කොහොම උනත් ගමේ තියෙන නිදහස මේ කලබලකාර කොළඹදි නම් කවදාවත් විඳගන්න බැහැ. වෙනද වගේ හිතේ නිදහසකුත් නැහැ. ඒත්, මේ ලියපු පොඩ්ඩ උනත් පෝස්ට් කරන්න ඕන කියලම හිතෙන නිසා ඔන්න මං පබ්ලිශ් කරල දානවා