Sunday, January 3, 2016

කතාකරන ඇස් වලට..


ම්.... මට මතක විදිහට එදා ඉරිද දවසක්, මම ඕෆ් වෙලා එක බස් එකක දුර ගෙවාගෙන අනිත් හෝල්ට් එකට ආවා. තරුණ කාලෙ ලස්සනට හිටියා කියලා හිතන්න පුළුවන් සිරියාවන්ත ආච්චිඅම්ම කෙනෙක් බස් හෝල්ට් එකේ වාඩිවෙලා හිටියා. මගෙත් එක්කත් හොඳට හිනාඋණු නිසාම මාත් ආච්චිඅම්මත් එක්ක හොඳට හිනාඋනා.එයා ඒ හිනහවෙන් නතර උනෙත් නැහැ, මගෙත් එක්ක හොඳට කතාකළා. දන්න අඳුරන කෙනෙක් එක්කවත් මගතොටේදි කතාකරන්නෙ නැති මමත් ඒ ආච්චිඅම්මත් එක්ක හොඳට කතාබහ කළා. වෙනද මම එන බස් එකටමයි ඒ ආච්චිඅම්මත් හිටියෙ. මොන හේතුවකටද මන්දා එදා ඒ බස් එක තිබුනෙ නැහැ. ඊගාව බස් එකේ මට එන්න පුළුවන්කම තිබුනත් එයාට ඒ බස් එකේ යන්න පුළුවන්කමක් තිබුනෙ නැහැ, මම ඒ ගැන කිය කියා ඉද්දිම අපේ බස් එක ආවා. බස් එක දැක්කෙ හෝල්ට් එක ළඟටම ඇවිත් නවත්තද්දි වගේ නිසා හදිසියෙම ආච්චිඅම්මට යන්නම් කියාගෙන මම බස් එකට නැග්ගා.

වාඩිවෙන්න නම් ඉඩක් තිබුනෙ නැහැ. බස් එකට නැගපු තැනම සීට් එක අල්ලගත්තු මගේ බෑග් එක ඉල්ලගත්තෙ අපේ ගෙවල් ගාව නැන්ද කෙනෙක් ඉඳලා. ටිකක් දුර එද්දි මට ඊගාව සීට් එක ගාවට යන්න පුළුවන් උනා.

වාව්.. මාර ලස්සන කොල්ලෙක්. නිල් පාට ෂර්ට් එක. වාඩිවෙලා හිටියෙ. පිස්සු හැදෙන ඇස් දෙකක්. නොබල ඉන්නෙ කොහොමද? ඒත් ඉතිං කොල්ලෙක් දිහා බලන්නත් බැහැ නෙ එහෙම. ගමට එන බස් එක උනත් මං ඊට කළින් දැකලම නැහැ. 'මගින් බහිනව ඇති' හිත කිව්වෙ එහෙම. බස් එක නවත්තන හැම හෝල්ට් එකක් ගානෙම දැන් බහියිද - දැන් බහියිද කියලයි හිතුනෙ. නැහැ. හුඟක් දුර එනකන්ම ඒ හිටපු විදිහමයි. 'කොහාටද යනවා ඇත්තේ..'

අන්තිමේදි මං බහින හෝල්ට් එකත් ළං උනා. 'ම්හ්. කොහේ යනවද මංදා. තවමත් වාඩිවෙලා. ජනේලෙන් එළිය බලාගෙන. මං අන්තිම පාරටත් හොරෙන් බලලා පොඩ්ඩක් ඉස්සරට ඇවිත් නැන්දගෙන් මගේ බෑග් එක ගත්තා. තව අඩියක් ඉස්සරහට තියන්න හැදුවා විතරයි. මොකද මේ මට ඉස්සරහට යන්න බැරි. මගේ කොණ්ඩෙ. අප්පට සිරි, කොණ්ඩෙ පැටලිලා. බෙල්ල හරවලා බලන්නත් බැහැ. කවුරුහරි ඒ පටලැවිල්ල අරවන්න උත්සාහ කරනවා දැනුනා. මගේ කොණ්ඩෙනෙ. අමාරුවෙන් උනත් පිටිපස්ස බැලුවා. කාගෙදෝ මන්ද බෑග් එකක පැටලිලා. කොහොමද එහෙම උනේ? ඇත්තමයි මේ කොණ්ඩෙ නම්..

දැන් කවුද එතකොට මේ මෙච්චර පරාර්තකමී වෙලා මට උදවු කරන කෙනා..? මගේ ඔලුවයි බෑග් එකයි දෙකම අල්ලගෙන මේ අවුල ලිහන්න හදන්නේ. ආයිත් බෙල්ල කරකවන්න වෙනව ඉතිං. ඈහ්... මේ අර ලස්සන ඇස් දෙකනෙ. මෙයා මොකද මේ..?

"මොකද උනේ? පැටලුනාද? "

මං නැන්ද දිහා බලල අහිංසක විදිහට හිනා උනා.

"කොණ්ඩෙත් අවුල් උනා නේද්? විසේ නෙ.."

හෆෝයි. බැන්න නේද ලස්සන ඇස් දෙකට.

අන්තිමේදි ලස්සන ඇස් දෙකේ උත්සාහය සාර්ථක උනා. මං බාගෙට ලිහුණු, පැටලුණු කොණ්ඩෙ එක අතකින් අල්ලගෙන බස් එකෙන් බැස්සා. අර ඇස් දෙකත් මට පිටිපස්සෙන්ම බස් එකෙන් බැස්සා.අක්කලෑ කඩේට ගිහින් කොණ්ඩෙ හදාගෙන ඇවිත් බලද්දි මේ මැට්ට අතුරුදහන්. ම්... කොහෙට ගියාද? හන්දියේ ඉඳන් තුන් පැත්තටම යන පාරවල් වලට ඔලුව දාල බැලුවත් ම්හ් පේන්න නැහැ. කොහොමාද අතුරුදහන් උනේ.. කොහෙද මේ කොල්ලා.. කළින් දැකලත් නැහැ.
මෙන්න මෙයා වගේ
[තව තියෙනවා...]

12 comments:

  1. oooooooooo... :O eyes... :O hmmmmmmm.... :O

    ReplyDelete
  2. කතා කරන ඇස් හරි භයානකයි.

    ReplyDelete
    Replies
    1. හිහි. එහෙනම් පරිස්සම් වෙන්න ඕනි, කතාකර ඇස් වලින්

      Delete
  3. හම්මේ ගොඩක් ලස්සන සුන්දර අත්දැකීමක්. ආසාවෙන් කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහේෂ්. ඇත්තෙන්ම සුන්දර අත්දැකීමක්

      Delete
  4. මාත් ඔන්න මේ පැත්තෙ ආවා.
    කතා කරන ඇස් දෙකකට අහු උනොත් ඉතින් ගැලවෙන්න හරි අමරුයිලු කියලා මටත් කියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යශ්‍යන්ත.කතාකරන ඇස් වලින් බේරෙන්න අමාරුයි ඉතිං... අපේ ඇසුත් කතාකරන්න පටන්ගත්තොත්.

      Delete
  5. එහෙනං ආයෙ හම්බෙයි.
    ඉක්මණට හම්බෙනව නං හොදයි වගේ අපිට කතාවෙ ඉතුරු ටික කියවන්න පුලුවං
    මොකෝ අදටම මාසයකුත් වෙලා නෙ
    හැක්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඒ ඇස් වල අයිතිකාරයව නම් දැකලා දැන් වසරකුත් පහුවෙලා.කම්මැලි වෙලානෙ ලියන්න. මම ඉක්මනින් ඊළඟ කොටස පළකරන්නම්. ස්තූතියි අදහස් දැක්වීමට.

      Delete
  6. https://www.youtube.com/watch?v=9IK0sEnaJ8s

    අහන්න... ඇස් ගැන මතකය අලුත් වෙයි..))

    ප.ලි______

    කතාව ලියනවද.. මැරුම් කනවද..??

    ReplyDelete
    Replies
    1. ඇහුවා වගේම මතකයත් අලුත් උනා. බොහොම ස්තූතියි නංගි මේ පුංචි කෙල්ල දරුණුයි වගේ නෙ. ඔන්න කතාව ලිව්වා. ඇඟට ගුණයිනෙ ඒ වැඩේ

      Delete