Tuesday, August 18, 2015

නීල නිලඹර { 15 කොටස.. }

[විහඟනාද.... මට අමතකවෙලා නෙමෙයි. සමහරවිට කාර්‍යබහුලත්වයත් එක්ක, කම්මැලිකමත් එක්ක.. මට පෝස්ට් පළකරන්න නොහැකි උනා. කොහොම උනත් ආයිත් කතාව ලියන්න මාව උනන්දු කරවපු විමූ,උමේෂ් මල්ලිලා දෙන්නට හුඟක් ස්තූතියි. මෙන්න.. මං ආයිත් ලියන්න පටන්ගත්තා.....]

 

සිය විසල් කාමරයේ යහන මත හිඳ නේතක කල්පනා කළා. අර ඡායාරූපය….? විහඟිගේ මුහුණුවර ගත්.. නැහැ, ඔහුට එය මතකයේ ඇත්තේ ඡායාවක් ලෙසින් පමණයි. ඔහු කොතෙකුත් වෑයම් කළත්, එය, එපමණයි

පසුදා උදෑසන නේතක අවදිවන විටත් දඟකාරයන් දෙදෙනා නින්දේ. ඔහු පිටත්වුනා, යහළුවකුගේ නිවසකට. විහඟිනීලා පිටව එන විටත් ඔහු පැමිණ සිටියේ නැහැ. ඇය නැවත පැමිණියේ තම ආඩම්බරකාර මස්සිනාගෙන් සමුගැනීමක් පවා නොමැතිවයි.

අවුරුදු මාසයෙන් පසුව එළඹි පාසල් වාරයේ පටන් නැවතත් නිවසෙහි සිටම පාසල් යාමට ඇය තීරණය කළා. කොතරම් ළෙංගතු වුවත් මිතුරියගේ නිවසෙහිදී ඇයට තම හුරු පුරුදු වටපිටාව, දෙමවුපියන්ගේ දුරස්වීම තදින්ම දැනුණු නිසාමයි .

දුව, මාමලා එනවලු මේ සති අන්තේ

උත්පලා මැතිණිය.

ආනේ, ඇත්තද අම්මා. කවදද එයාල එනවා ඇත්තේ? අයියලත් එනවද?”

හැමෝම එයි. අනිද්දා උදේ වගේ

ඇසළට කෝල් කරලා කියන්න ඕන හෙට හවසම එන්න කියලා

විහඟිගේ සිත නොඉවසිලිමත් උනා. ඇගේ ඇඟිලිතුඩු සිය මාමාගේ දුරකථන අංකය වෙත දිවගියේ වේගයෙන්. කිහිප වරක් නාදවණු ඇසුනත් එය ප්‍රතිචාර දක්වන්නට මඳක් ප්‍රමාද වූවා

ඔහ්.. ෂිට්. ඇයිද මංදා ආන්සර් කරන්නෙ නැත්තේ

සිතින් සිතමින් නොවෙයි, තම මවටත් ඇසෙන්නට කියමින් සිටියදීම දුරකතන අතළුව එසවුනා එදෙසින්.

හෙලෝ..”

හායි ඇසළ අයියා, ඔයාල මෙහෙ එනවලු නේ? අනේ හෙට හවසම එන්නකෝ

ඇසළ..? මට දැනගන්න පුළුවන්ද කව්ද මේ කතාකරන්නේ කියලා?”

එදෙසින් පැවසුවේ ප්‍රශ්නාර්ථයක් සමගමයි. තරමක ගාම්භීරත්වයක් ගැබ්වුණු කටහඬක්. විහඟිනී දෙගෙඩියාවෙන් බැළුවා දුරකථන තිරය දෙස. නැහැ, ඇයට වැරදී තිබුණේ නැහැ. ඒ නිවැරදි දුරකථන අංකයමයි

ඔව්. ඇසළ.. මම විහඟි කතාකරන්නේ. මේ උඩුනුවර වලව්වෙන් නේද?”

ආහ්…. විහඟිනී, ඇසළ ගෙදර නැහැ.”

ඔහු නේතක. විහඟිනී හැඳිනුවා ඔහුව.

ම්.. මම පස්සෙ ගන්නම් නේතක අයියා

ඇය දුරකථන අතළුව තැබුවා, සිතේ ඇතිවුනු නොසන්සුන්භාවයත් සමගින්ම.

                                                        *    *    *    * 
නේතක දුරකථන අතළුවත් අත තබාගෙනම හිටිවනම සිටියා. ඇමතුම ගන්නට පැමිණෙද්දීම ඔඅහු දුටුවා තම නැන්දණියගේ නිවසෙහි දුරකථන අංකය සටහන්ව ඇති අයුරු.

විහඟුනී... ඇය කතාකළේ ඇසළ ට. ඇය නේතක තුළ ඇතිකළා සිතිවිල්ලක්. ඔහුටවත් හඳුනාගත නොහැකි වූ.

නේතකට බලන්නට අවැසි වූවා තම පවුලේ ඡායාරූප ඇල්බමය. ඔහු සෙව්වේ බොඳ වූ ඡායාරූපය. ඔහුගේ මතකයේ.... නමුත් නැහැ. එවැන්නක් පවුලේ ඇල්බමයේ ඔහුට සොයාගත නොහැකි වූවා.

3 comments:

  1. මුල් කොටස් ටික මට මගහැරිලා....

    ReplyDelete
    Replies
    1. මුල් කොටස් ටිකත් කියවගෙනම එන්න නලීන්. ස්තූතයි ඔයාට.

      Delete
  2. ah ela ela Anu... :) digatama karagena yamu ohoma... :) nawathwanna epa... :) good luck... :)

    ReplyDelete