Friday, August 29, 2014
ආදරෙයි තවමත්
දවසින් දවස ගෙවිල ගිහින් අවුරුද්දක්ම ගෙවිල ගියා. අමතක වෙලා නැහැ මට. අමතක කරල නැහැ මම. දන්නවද..? තවමත් ආදරෙයි. තවමත් බලාගෙන ඉන්නවා. කවමදාකවත් හැබෑ නොවෙන හීනයක්ද දන්නෙ නැහැ මම. ඒත්.. මේ ආදරේ එහෙමමයි.
දාල ගියපු දවසෙ ඉඳන් අවුරුද්දක්ම ජීවත්වුනා, මම කියල කෙනෙක් නැහැ වගේ. ඒත්, ආදරේ ජීවත්කරවන්න මම ජීවත්වෙන්න ඕනිනම්..?
ඔයාට මතකද? ඔයා මාව දාල ගියොත් මුළු කාමරේම ඔයාගෙ ෆොටෝස් වලින් පුරවගෙන තනියමම ඉන්නවා කිව්වා මම.
මේ ආදරේ හීනයක් අප්පච්චියෝ. තවමත්.. ඒ හීනෙන් ඇහැරිලා නැහැ මම. ඇහැරෙන්න බැහැ මට. හීනෙන් හරි ඔයා ඇවිත් මාව ඒ හීනෙ ඇතුළටම ඇදගෙන යනවා. තව කොච්චර කල් මෙහෙම ඉන්නද මම.
මම දන්නැහැ. මෙච්චර කල් ගෙවිල ගිහිල්ලත් මට මේ හැමදේම ඊයෙ පෙරේද වෙච්ච දේවල් වගේ.
ආසයි ආයෙත් පිස්සුවෙන් වගේ ආදරේ කරන්න, ඒත් කොහොමද.? ළංවෙන හැම කෙනෙක්ගෙන්ම මං ඔයාව හොයද්දි..?
ආයිත් ජීවිතේ පටන්ගන්නෙ කොහෙන්ද කොතනින්ද කියල තේරෙන්නෙ නැහැ මට. මගේ හැම හුස්මකම ජීවත්වුණු ඔයා නැතිව යත්දි.
දවසක් ඔයාගෙ යාළුවෙක් ආවා මං වැඩ කරන තැනට. දන්නෙ නැහැ, දැක්කෙ නැහැ, අඳුරන්නෙ නැහැ වගේ හිටියට. මතකයිද මුල්ම දවස්වල ඔයා මාව ක්ලාස් එකට දාන්න යද්දි බස් එකේ පිටිපස්සෙ සීට් එකක ඉඳන් 'හැපි හනිමූන්' කියල msg කරපු පිස්සු යාළුවව.
මං ඒ අතීතෙත් එක්ක තාමත් ජීවත්වෙනවා. කවදහරි ඔයා ආයෙමත් එයි කියල බලාගෙන. හරිද වැරදිද මං දන්නෙ නැහැ. අදට.. හෙටට.. හමදාටම ආදරෙයි මං.
Subscribe to:
Posts (Atom)
-
ම්.... මට මතක විදිහට එදා ඉරිද දවසක්, මම ඕෆ් වෙලා එක බස් එකක දුර ගෙවාගෙන අනිත් හෝල්ට් එකට ආවා. තරුණ කාලෙ ලස්සනට හිටියා කියලා හිතන්න පුළුවන...
-
මනුස්සකමක් නැති, හිතවත්කමක් නැති කොළොම්පුරේ අත් ඇරල ගමට ආව. දවස් පහකට. අදින් ඒ දවස් පහත් ඉවරයි. ආයිත් යන්න වෙනවා කියල මතක්වෙද්දී පිස්සු හැද...
-
ඊටපස්සෙ දවසෙත් මම වැඩට ගියා. ඔන්න දැන් ටික ටික ඕෆ් වෙන වෙලාවත් ළංවෙනවා. කොහොමහරි ඉක්මනට පැනගන්න පුලුවන් උනොත් ඊයෙ ගිය බස් එකටම යන්න පුලුවන...
-
“විහඟිනී හංසනා උඩුනුවර” සහතිකපත් ප්ර ධා නය සඳහා තම නම කියැවෙනවා ඇසුණා විනඟිනීට. “උඹට බං” කේශිලා, විහඟිනීගේ මිතුරිය ඇයට පැවසුවා මඳ ...
-
බස්රිය පිටත්වීමට තවත් විනාඩි පහළොවක පමණ කාලයක් ඉතිරි වී තිබිණි. “හායි විහඟිනී..” බස්රියට නැගුණු පංතියේ මිතුරෙකු විහඟිනී ...