Friday, August 29, 2014

ආදරෙයි තවමත්



                                                දවසින් දවස ගෙවිල ගිහින් අවුරුද්දක්ම ගෙවිල ගියා. අමතක වෙලා නැහැ මට. අමතක කරල නැහැ මම. දන්නවද..? තවමත් ආදරෙයි. තවමත් බලාගෙන ඉන්නවා. කවමදාකවත් හැබෑ නොවෙන  හීනයක්ද දන්නෙ නැහැ මම. ඒත්.. මේ ආදරේ එහෙමමයි.

දාල ගියපු දවසෙ ඉඳන් අවුරුද්දක්ම ජීවත්වුනා, මම කියල කෙනෙක් නැහැ වගේ. ඒත්, ආදරේ ජීවත්කරවන්න මම ජීවත්වෙන්න ඕනිනම්..?

ඔයාට මතකද? ඔයා මාව දාල ගියොත් මුළු කාමරේම ඔයාගෙ ෆොටෝස් වලින් පුරවගෙන තනියමම ඉන්නවා කිව්වා මම.

මේ ආදරේ හීනයක් අප්පච්චියෝ. තවමත්.. ඒ හීනෙන් ඇහැරිලා නැහැ මම. ඇහැරෙන්න බැහැ මට. හීනෙන් හරි ඔයා ඇවිත් මාව ඒ හීනෙ ඇතුළටම ඇදගෙන යනවා. තව කොච්චර කල් මෙහෙම ඉන්නද මම.

මම දන්නැහැ. මෙච්චර කල් ගෙවිල ගිහිල්ලත් මට මේ හැමදේම ඊයෙ පෙරේද වෙච්ච දේවල් වගේ.

ආසයි ආයෙත් පිස්සුවෙන් වගේ ආදරේ කරන්න, ඒත් කොහොමද.? ළංවෙන හැම කෙනෙක්ගෙන්ම මං ඔයාව හොයද්දි..?

ආයිත් ජීවිතේ පටන්ගන්නෙ කොහෙන්ද කොතනින්ද කියල තේරෙන්නෙ නැහැ මට. මගේ හැම හුස්මකම ජීවත්වුණු ඔයා නැතිව යත්දි.

දවසක් ඔයාගෙ යාළුවෙක් ආවා මං වැඩ කරන තැනට. දන්නෙ නැහැ, දැක්කෙ නැහැ, අඳුරන්නෙ නැහැ වගේ හිටියට. මතකයිද මුල්ම දවස්වල ඔයා මාව ක්ලාස් එකට දාන්න යද්දි බස් එකේ පිටිපස්සෙ සීට් එකක ඉඳන් 'හැපි හනිමූන්' කියල msg කරපු පිස්සු යාළුවව.

මං ඒ අතීතෙත් එක්ක තාමත් ජීවත්වෙනවා. කවදහරි ඔයා ආයෙමත් එයි කියල බලාගෙන. හරිද වැරදිද මං දන්නෙ නැහැ. අදට.. හෙටට.. හමදාටම ආදරෙයි මං.

6 comments:

  1. ආයි ආදරේ වේචිච දවසට මේ බොග දැමිමල්ල නතර වෙයිද?

    ReplyDelete
    Replies
    1. ම්... මං හිතන්නෙ නැහැ, මොකද කියනවනම් ආයි ආදරේ වෙන්න තියෙන ඉඩ හුඟාක් අඩුයි.

      Delete
    2. එහෙනං ජය වේවා.. දිගටම ලියයි නේ.. හැක්..

      Delete
    3. ම්.... ලියනවා. පෝස්ට් කරන්න වෙලාව අඩුයිනේ

      Delete
  2. adare kiyanne jeewithe nemei. eth adare matha thamai duka sathuta, jeewithe, me hamadema rada pawathinne... adareta adare karanna. kawadawath waradinne na... Sathutin balan innawa oya e adare jaya aran sathutin jeewath wenakam. eda wagema hamadatamath.. :)

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ ආදරේ තියෙන්නෙ මගේ හිතේ විතරයි නම්..? කවද වෙනකල් තව මෙහෙම බලන් ඉන්නද උමේශ්.

      Delete