Friday, January 3, 2014
මතකයෙන්..
දුරකථනය හරහා, මුහුණු පොත හරහා හෝ.. නුඹව හමුවීමෙන්.. පවසන්නට නොහැකි දෑ.
දන්නවාද නුඹ.., මා තවමත් නුඹට ආදරය කරනා වග. නොදැනෙනවා ඇති, නොහැඟෙනවා ඇති නුඹට, ඒ අතීතය මා තවමත් ජීවත්කරවනා වග. දෑඟිලි පටලා ආ ගිය මගතොට, සිනහසෙමින්-ආදරයෙන් පෙම්බස් මිමිණූ තැන් තවමත් එලෙසම වත්දී, අතීතය මියයන්නේ කෙසේද..?
අමතක කරලන්නට වෙරදරද්දී, සිහිනයෙන් හෝ පැමිණ මතකය අවදිකරලන නුඹ, සැබෑ ලොව මා හැරගිය අපූරුව. තරහක් නෑ. තවමත්.. ආපසු එනතුරා බලා හිඳිනවා හැර.
ආදරෙයි මම නුඹට. වචනයෙන් විස්තර කළ නොහැකි තරම්. දැන සිටියේ නැහැ මමත්, මෙතරම් නුඹට ආදරය වග. ඉතිං.. නුඹ කෙලෙස දැන සිටින්නද..
මතකද නුඹට.. නුඹේ ඔය ගැඹුරු දෑස් දෙස මා බලා හුන් අයුරු. ඒ දෙනෙත් දෙස බලා, මා නුඹ ගැන සිතූ තරම්. මා නුඹේම වගට ඒ දෑසට ප්රතිඥා දුන් බව, නුඹ කිසිදිනෙක නොසිතන්නට ඇති. ඒ ගැඹුරු දෙනයනට නොහැඟෙන්නට ඇති.
නුඹේ දෑතෙහි පැටලී, මේ භවය පුරා පමණක් නොව, මතු සසරත් එක්ව වසන්නට පෙරුම්දම් පිරූ මා, නුඹේ දෑතින් ගිලිහී ගිය අයුරු..
නුඹත් මාත් එක්ව ගිය මග තොට මතකයන්.. දිවිය පුරා පමණක් නොව සසර පුරාවටම ඒ මතකයන් මා අවදි කරාවි.
නුඹේ ඔය පපුතුරට තුරුළු වී, නුඹේ හද ගැහෙන රාවය අසා සිටි මට.., කවුරුන් කෙසේ කීවත්, තවකෙකු හද ගැහෙන රාවය, ඇසිය හැකිද..
මං ආදරෙයි නුඹට.. අදට.. හෙටට., පමණක් නොව, ගිණිය නොහැකි කාලයකට.
බලා සිටිමි මම, යළිත් නුඹ එනතුරා.. මගේම වන්නට.
Subscribe to:
Post Comments (Atom)
-
ම්.... මට මතක විදිහට එදා ඉරිද දවසක්, මම ඕෆ් වෙලා එක බස් එකක දුර ගෙවාගෙන අනිත් හෝල්ට් එකට ආවා. තරුණ කාලෙ ලස්සනට හිටියා කියලා හිතන්න පුළුවන...
-
මනුස්සකමක් නැති, හිතවත්කමක් නැති කොළොම්පුරේ අත් ඇරල ගමට ආව. දවස් පහකට. අදින් ඒ දවස් පහත් ඉවරයි. ආයිත් යන්න වෙනවා කියල මතක්වෙද්දී පිස්සු හැද...
-
ඊටපස්සෙ දවසෙත් මම වැඩට ගියා. ඔන්න දැන් ටික ටික ඕෆ් වෙන වෙලාවත් ළංවෙනවා. කොහොමහරි ඉක්මනට පැනගන්න පුලුවන් උනොත් ඊයෙ ගිය බස් එකටම යන්න පුලුවන...
-
“විහඟිනී හංසනා උඩුනුවර” සහතිකපත් ප්ර ධා නය සඳහා තම නම කියැවෙනවා ඇසුණා විනඟිනීට. “උඹට බං” කේශිලා, විහඟිනීගේ මිතුරිය ඇයට පැවසුවා මඳ ...
-
බස්රිය පිටත්වීමට තවත් විනාඩි පහළොවක පමණ කාලයක් ඉතිරි වී තිබිණි. “හායි විහඟිනී..” බස්රියට නැගුණු පංතියේ මිතුරෙකු විහඟිනී ...
wow. Mage katin pitawenne mechcharai mekatanam. hmm duka hithenawane ohoma kiyaddi.
ReplyDeleteදුක හිතෙනවද..? හ්ම්.. අපි බලමු අනිඨ් අය මොනවද හිතන්නේ කියලා
Deleteදාලා ගිය කෙනෙක් නම් එනකල් ඉන්න එපෝ.....
ReplyDeleteමේක කියවන්නකෝ
ඇයි උමා ඒ, එන එකක් නැත්ද?
Deleteම්.. මම ම දාපු කමෙන්ට් එක නේද? ඒත් සමහර වෙලාවට හිත රවට්ටගන්න හරි ආයිත් එයි කියලා හිතන්න වෙනවා
ඇත්තටම ආදරේ කරපු කෙනෙක්ට තමන්ගේ ආදරේ වෙනුවෙන් හැම දාම වුනත් බලගෙන ඉන්න පුළුවන්.. ඒ ආදරේ දවසක එනවාමයි.. මම විශ්වාස කරන ධර්මය නම් අන්න එක..
ReplyDeleteලස්සනයි කතාව..
ඒ දවස වෙනකල් ඉන්න පුළුවන් වේවිද දිනේෂ්, අපි වටේට දවසින් දවස ගොඩනැගෙන මේ බාහිර හේතුත් එක්ක..?
Deleteස්තූතියි
true
Deleteනියමයි! දිගටම ලියන්න.. ජය වේවා..! :)
ReplyDeleteස්තූතියි අශාන්. "නුඹට" නම් හුඟ කලක් ලියවේවි
DeleteIts about me uma..
ReplyDelete