Friday, December 27, 2013

නීල නිලඹර { 05 කොටස }





බසයෙන් බැසගත්තත් ඇයගේ වමත ඔහුගේ දකුණතට සිරවී තිබුණා.

“ඉන්න පොඩ්ඩක්. අරුන් ටික බහිනකම්”

නිම්සර ඔහුගේ මිතුරන් එනතෙක් රැඳී සිටියා. විහඟිනී පත්වුනේ මහත් අපහසුතාවයකට.

“උඹේ නංගි කෙනෙක්ද බං?”

බසයෙන් බැස ආ මිතුරෙකු නිම්සරගෙන් ඇසුවේ විහඟිනී දෙසත්, නිම්සරගේ දකුණතට සිර වී තිබුණු ඇයගේ වමත දෙසත් බලමින්.

“ඔව් බං”

නිම්සරගේ පිළිතුර එපමණයි.

විහඟනීට පාසලට යන්නට සිදුවූයේ නිම්සරත්, ඔහුගේ මිතුරන් වූ වැඩිමහල් සිසුන් කාණ්ඩයත් සමගින්.

“කවුරුහරි මොනාහරි කිව්වොත් එවලෙම ඇවිත් කියන්න විහඟි”

තම පංති කාමරය අසළින් නතර වූ නිම්සර විහඟිනී ඇයගේ පංතියට යනතෙක් බලාඋන්නා.


                                      *          *          *         *


“අතන ටැප් එකෙන් අත සෝදමු විහඟි, අනේ මටනම් බැහැ අරුන්ගෙ ක්ලාස් එක ළඟට යන්න”

උදය කාලච්චේද කිහිපය පුරාවටම ගුරුවරුන් රැදී සිටියෙන් නවක වදයෙන් බේරී සිටියත් කේශිලා සිටියේ තරමක බියකින්. එනිසාම ඇය, විවේකයේදී දෑත් සෝදන්නට තෝරාගත්තේ මදක් දුරින් පිහිටි කුඩා සිසුන් භාවිතා කරනා කරාමයක්.

“මේ වෙලාවෙවත් එයිද දන්නැහැ නේද විහඟි..”

“මන්ද බං, හිමිහිට කමු. එතකොට කාල ඉවරවෙනකම් කතාකරන්නෙ නැහැ නේ ආවත්”

“උඹ ගෙනාවද බං චොක්ලට් එකක්?”

“නැහැ කේශි”

කේශිලා බියමුසුව තම මිතුරිය දෙස බැලුවා.

“ඇවිත් ඉල්ලුවොත්..?”

“බලමු..”

විහඟිනී කල්පනාබරව විමසුවා.

“බස් එකේ යද්දි එපාවෙනව කේශි”

“ම්.. අපේ අම්මි කිව්වා ඔයාට අපේ ගෙදර එන්න කියලා”

එය පාසැල් පටන්ගන්නට පෙර සිටම කේශිලාගෙන් පැමිණි යෝජනාවක්. නමුත් විහඟිනීගේ දෙමවුපියන් එය එතරම් නොසිතූ නිසා ඇයට ඒ පිළිබදව යමක් තම මිතුරියට කිව නොහැකි වූවා.

“මං අහල කියන්නම් කේශි"

විවේක වේලාව අවසන් වන්නට විනාඩි පහක පමණ කෙටි වේලාවක් තිබියදී ඔවුන් ආහාර ගෙන අවසන් වූවා.

"විහඟිනී, ඔයාගෙ අයියා කෙනෙක් ඉන්නවද?"

තරමක් දුරට ඕපාදූප සොයන්නියක ලෙස පෙනුනු ගයානි ගෙන ආ එම පැනයෙන් විමතියට පත් වී කේශිලා තම මිතුරිය දෙස බැලුවේ දෑස් අයාගෙන.

"ඇයි ගයා එහෙම ඇහුවේ?"

"නෑ බං මේ අර අක්කලා කට්ටියක් කිව්වේ විහඟි ගෙ අයියා එහා ක්ලාස් එකේ කියලා"

"ආහ්, ඔව් ගයානි"

කෙටි පිළිතුරක් දුන් විහඟිනී ඔවුන්ගෙන් මිදී කේශිලාව පමණක් හුදෙකලා කරගත්තී, උදෑසන වූ සිදුවීම පැවසුවේ ඇය නිම්සරව නොදන්නා බැව් නොහඟවමින්.


                                                *            *          *          *


"දූලගෙ ඉස්කෝලෙමලු නේද නිම්සර පුතත්"

සවස් වරුවේ විහඟිනී පුවත්පතක් බලමින් සිටිනවා දුටු ඇගේ පියා, ඇය හා කතාවකට මුල පිරුවා.

"ආ ඔව් අප්පච්චි, අප්පචි දන්නවද ඒ අයියව? එයා තමයි මාව රැග් එකෙන් බේරගත්තේ"

"දුවට මතක නැතිව ඇති, පුංචි කාලෙ මෙහෙ ඇවිත් තියෙනවා.  බණ්ඩාර අන්කල්ල"

"ම්.. මට මතක නම් නැහැ අප්පච්චී"

උඩුනුවර මහතා පුවත්පතක් ගෙන පුටුවකට බරවූවා. පුවත්පතටම සිත යොමා සිටි විහඟිනී නිම්සර පිළිබඳව තවදුරටත් විමසීමට යොමුවූයේ නැහැ.


10 comments:

  1. ඇති යන්තම්.. තාත්තාගේ යාලුවෙක් නම් විවාහය දක්වා යාමටත් බාධාවක් නෑ වගේ.. :D

    දිගටම ලියන්න අනු..

    ReplyDelete
    Replies
    1. යාළුකම විවාහයකට යාවිද..? බලමු.
      ස්තූතියි මොණරි

      Delete
  2. ලස්සන කතාවක් වගේ. දැන් මේ කොටස කියෙවුවෙ නැහැ. මුල ඉඳලා ටික ටික කියවන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කළූ. වෙලාවක් තියෙන වෙලාවක සේරම කියවලා අදහසත් කියන්නකෝ

      Delete
  3. සුපිරියටම ලියනවා ඔයා අනූ අක්කෝ.....
    දිගටම ලියන්න නියමයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උමා.

      Delete
  4. Fatta Anu Digata liyanna Ikmanata Ikmanata dannako halo :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විදුශාන්, ok, ඉක්මනට ඉතුරු කොටස් පළකරන්න උත්සාහ කරන්නම්

      Delete