“ගුඩ් මෝනින්ග්
විහඟි”
බසයට නැගි
විහඟිනීට නන්නාදුනන කටහඬකින් ඇසුණා.
බස් රියේ වූ පිරිස
හේතුවෙන්
පා පුවරුවේ පඩියක රැඳී හුන් ඇය, හිස හරවා හඬ
ආ දෙස බැලුවා.
නිම්සර..
“ආහ්.. ගුඩ්
මෝනින්ග්”
සිතට නැගුණු
පුදුමය හමුවේ ඇය වදන් කිහිපයක් ගලපා ගත්තා. නිම්සරගේ නිවෙස මෙම පෙදෙසෙහිදැයි විහඟිනී
නම් දැන සිටියේම නැහැ.
බස් රියෙහි
වූ සෙනග හේතුවෙන් මහත් අපහසුවෙන් මෙන් සිටි විහඟිනී දෙස බැලූ නිම්සර, ඒ වන විටද ඇය
රැඳී සිටි පා පුවරු පඩියට පහළ පඩියට වූවා.
“හැමදාම
මේ බස් එකේද විහඟි යන්නේ?”
“ඔ.. ඔව්
අයියේ”
පෙරදා අන්
සිසුන්ට ඉතා දරදඬුව නවක වදය
ක්‍රියාත්මක කළ ඔහුගේ මේ තරමක් දුරට වූ ළෙන්ගතු විමසීම් ඇයව පුදුම කර තිබුණා.
“ඕහ්.. සොරි
අයියේ”
“ඉට්ස් ඕකේ
නංගා”
වරක් වංගුවක්
ගැනීමේදී විහඟිනී නිම්සර දෙසට තල්ලු වූවා. ඈයව රැඳුනේ බස්රියෙහි දොරටුව අල්ලාගෙන හුන්
නිම්සරගේ ශක්තිමත් දෑත් මත.
“හයියෙන්
අල්ලගන්න. දැන් හැමදාම මේකෙද යන්න ඉන්නේ?”
“ඔව් අයියේ,
වෙන බස් එකක් නැහැ නේ. ස්කූල් වෑන් එකක්වත් තිබුනනම්”
විහඟිනීත්
දොඩමළු වූවා.
“ඊයෙ කවුද
රැග් කළේ?”
“ම්.. ඔයාලට
කළින් අක්කලා කට්ටියක් ආවා”
“අක්කලා..?
කව්ද කියල දන්නවද?”
“අර නදීශා
කියල ඉන්නෙ එයාල එහෙම”
“ආහ්..”
බස් රියෙන්
බසිද්දී විහඟිනීත් නිම්සරත් අතර අපූරු මිතුදමක් ගොඩනැගී තිබුණා. තම පාසල වෙත යාමට නම්
ඔවුනට තවත් බසයක යා යුතුව තිබුණා.
“එන්න, මේ
බස් එකේ යමු”
ඉදිරියට
එන බසය දුටු නිම්සර විහඟිනීව ඊට ගොඩකරවූයේ වැඩිමල් සොයුරෙක් ලෙසින්. බසයට නැගුණු විහඟිනී
එකිනෙක අසුන් පසුකරනමින් මඳක් ඉදිරියට යන්නට වූවා.
“ගුඩ් මෝනින්ග්
මචං”
මිතුරෙකුගේ
ඇමතුමට නිම්සර පිටුපස පෙළ හා එක්වූවා. ඔවුන් දෙස හැරී බැලූ විහඟිනී ඔහුව පෙනෙන මානයෙන්
නතර වූවා. බසය මඳ දුරක් ගොස්, තවත් එක් නැවතුමක නතර වූවා. එතැනින් බසයට ගොඩවූවේ නදීශා
ඇතුළු ඇගේ මිතුරියන්. ඔවුන් පැමිණ විහඟිනීට පිටුපා අනෙක් පසින් නතර වූවා.
“අදනම් මොනාහරි
කන්න දෙයක් ලැබෙයි නේද බං?”
ඔවුන්ගෙන්
එකියක් සිය කටහඬ අවදිකළා.
“ආහ්., මම
නම් එකෙක්ට චොක්ලට් එකක් ගේන්න කිව්වා බං, බලමු”
විහඟිනීට
නදීශාගේ කටහඬ වෙන්කොට
හඳුනාගැනීම අපහසුවූයේ නැහැ. ඇයට නිතැනින්ම් නිම්සර දෙස බැලුනා. ඔහු ඒ වනවිටත් ඇය දෙසට
එමින් සිටියා.
“චූටි මැණිකෙලා
නම් ඕව අහයිද මංදා”
තවත් එකියක්
කියන විටත් නිම්සර විහඟිනී සිටි දෙසින් ඇයට ළං වී අවසන්.
“ඒ කුමාරිහාමිකං
ඉස්කෝලෙට අදාළ නැහැ බං”
ඒ නදීශා.
එක්වරම
විහඟිනී දෙස එක්වරක් බැලූ නිම්සර, ඒ වේගයෙන්ම නදීශා දෙසට හැරුණා.
“කා ගැනද
නදීශා කතාකරන්නේ?”
ඔහුගේ කෝපය
පාලනය කළ කටහඬ විහඟිනීට
පමණක් නොවෙයි මඳක් දුරින් උන් සිසුනට පවා ඇසුණා.
“ආහ්.. න්..
නිම්සර..”
නදීශා අපහසුවෙන්
වදන් ගළපන්නට උත්සාහ කළා.
“ඔයා කොහෙන්ද
නැග්ගෙ නිම්සර, අපි දැක්කෙවත් නැහැ නේ”
නදීශාගේ
යෙහෙළියක් ඇයව ඒ අපහසුවෙන් මුදවාගත්තා. නමුත් ඔහු නොවෙයි එයට කන්දුන්නේ.
“කා ගැනද
දැන් කතා කළේ නදීශා?”
“මේ.. අපේ
යාළුවෙක් ගැන නිම්සර, ඇයි?”
එවර නදීශාගේ
තවත් යෙහෙළියක්.
“යාළුවෙක්..?”
බරකොට ඇසූ
නිම්සර, පාසල අසළ බසය නැවැත්වූයෙන් අනෙක් පසට හැරී,
“එන්න නංගි”
විහඟිනීගේ
අතකින්ද අල්ලා ගනිමින් බසයෙන් බැසගත්තේ සමවයස් සිසුන්ගේ දෑස් නළළෙහි රඳවමින්.
ආව් අද කතාව නම් නියමයි... නදීෂට හොද වැඩේ.,
ReplyDeleteනිම්සර ගැන ඉස්සරහට බලමුකෝ අපි,, තවත් පලහිලව්වක ආරම්බය වගේ
ලස්සනට ලියලා තියෙනවා
ස්තූතියි මොණරි. හිහි.. බලමුකෝ නිම්සර එන්නෙ මොකටද කියලා
Delete