Sunday, October 27, 2013

පිවිසුම

මගේ පළමු ලිපිය, හිතට ආපු හැඟීම් එහෙමම අකුරු කළා මං. ඒක මං පළමුවෙන්ම මේ වෙනුවෙන් ලියපු ලිපිය නිසා එලෙසින්ම පළකරන්නට යෙදුණා. අවස්ථාවක් හිමිවුනේ නැහැ එයින්, බ්ලොග්කරණයට මගේ පිවිසීම ගැන යමක් කියන්නට.

"හිස් අහස" මං කියවපු වෙනස්ම, රසවත්ම ලිපි වලින් පිරුණු බ්ලොග් අඩවියක්. ගමේකම, අපේකම පිරුණු තැනක්. ඔස්සේ තමයි මගේ මේ ආගමනයත්.

ඇරඹුම සැබෑම ඇරඹුමක් වන්නට ගතවුණා තරමක කාලයක්. ජීවන ගමනේ අනේකවිධ හැලහැප්පීම් නිසා. මාස ගණණාවක් මා දුටු සිහිනය සැබෑ කරගත්තා මීට දින කිහිපයකට මත්තෙන්.

"විහඟ නාද" මගේ බ්ලොග් අඩවිය. මේ තමයි මගේ සිහිනය. මං බලාපොරොත්තු උණු ඇරඹුම.

තොරතෝංචියක් නැතිව කුරුළු කිචිබිචියක් ඇහෙනවා මේ දවස්වල. කිචිබිචියක් කිව්වට කිචිබිචියක්මත් නෙමෙයි, මහා ලොකු ඝෝෂාවක්. පහූණු දවස්ටිකේ එකදිගටම වැහැපු වැස්ස නැවතිලා, මේ දින කිහිපයේම ඉර එළිය අඩුවක් නැති එකට එයාලට සතුටු ඇති. වගේම අපේ නිවහන පුංචි දොළ පාරක් අයිනේ, මේකත් මේ නිතරම ඇහෙන කංකරච්චලේට හේතුවක් වෙන්නැති. බ්ලොග් අඩවියට නමක් හිතද්දිත් තොරතෝංචියක් නැති මේ කචකචේ විදිහටම. මේක තමයි හේතුව, මේ අඩවිය "විහඟ නාද" නම් ලබන්න.

අවුරුදු 22 කාලයකට මගේ ජීවිතේට එකතුවුණු අත්දැකීම්, දැනුම, මගේ පුංචි නිර්මාණ බ්ලොග් අවකාශයේ ඔයාලත් එක්ක බෙදාගන්නයි මගේ බලාපොරොත්තුව.

බ්ලොගයක් ගැන අදහසක් මට මුලින්ම දීපු "හිස් අහසේ" "සඳරු" අයියට හුඟාක් පින්, හොඳ දේකට මාව යොමු කළාට.

ඉතින්... විහඟ නාද අහන්න ඔයාලවත් ආදරයෙන් එකතුකරගන්නවා මගේ පුංචි නිවහනට.

4 comments:

  1. මගේ බ්ලොග් එකට ගොඩ වුණ පාර දිගේ ආවේ. දිගට ම එන්නංකෝ විහඟ නාදයට සවන් දෙන්න. මේ කළු පසුබිම වෙනුවට ලස්සණ කුරුල්ලෙක් ඉන්න පින්තූරයක් දැම්මා නං බ්ලොග් එක තවත් ලස්සණ වෙයි නේද? අනිත් දේ තමයි කළු පසුබිමේ සුදු අකුරු කියවනකොට අමාරු යි. පුළුවන් නං වෙනස් කරන්න බලන්න. කමෙන්ට් දානකොට වර්ඩ් වෙරිෆිකේෂන් නැත්තං තමයි ලේසි :) දිගු ගමනකට මගෙන් සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ධාරා. ඔන්න පුංචි වෙනසකුත් කළා, ඔයාගෙ උපදේශයත් එක්කම.

      Delete
  2. mamath awa akke.me okma kyawnw

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඒත් කවුද මේ ඇනෝ කෙනෙක්ගෙන් ආවේ...

      Delete